ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර අරවින්ද ද සිල්වා හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

by
0 comments

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී වෙනුවෙන් එහි ලේකම් සමාගම විසින් සඳහන් කරන්නේ මෙම පත්වීම ඊයේ (16) දින සිට බලපැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙන් අවිවාදයෙන්ම අංක එකේ පිතිකරුවා බවට හැඳින්විය හැකි අරවින්ද ද සිල්වා ටෙස්ට් තරඟ 93ක දී ලකුණු 42.97 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 6361 ක් රැස් කර ඇති තර එක්දින තරඟ 308කට ක්‍රීඩා කොට ලකුණු 9284 ක් රැස් කර තිබේ.

1996 වසරේ ශ්‍රී ලංකාව එක්දින ලෝක ශුරතාවය දිනා ගත් අවස්ථාවේ අවසාන මහා තරගයේ වීරයා බවට පත්වීමට ද අරවින්ද සිල්වා සමත්විය. ඒ සුපිරි ශතකයක් ද සමගිනි.

2023 වසරේ දී ඔහු ICC Hall of Fame ගෞරවාන්විත ඇගයීමට ද පාත්‍රවිය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00