ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි ඇරඹේ

හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි ඇරඹේ

by CeylonLk
0 comments

මාස 18 කට පමණ පසු යළිත් හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කිරීමට ලංකා ලුණු සමාගම කටයුතු කර ති‌බේ.

ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා පවසා සිට්න්නේ මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිට මාස 18 කට පෙර හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමට එම සමාගම කටයුතු කර තිබුණත් අද (21) උදෑසන ලුණු නිෂ්පාදනය ආරම්භ කරමින් බුන්දල ලේවායේ ලුණු කැඩීම ආරම්භ විය.

පසුගිය වසරේ ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපේක්ෂා කළද ලබාගැනීමට හැකි වී තිබු‍ණේ ලුණු මෙට්‍රික් ටොන් 40,000 ක් පමණි.

හෙට (22) දිනයේදී හම්බන්තොට මහලේවායේත් ලුණු නිෂ්පදන කටයුතු ආරම්භ කරන බව සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

සටහන…….අරුනඩෙල් විජේරත්න

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00