ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර සියැට් වෙතින් මහ කන්නයට කාලෝචිත නව ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්

සියැට් වෙතින් මහ කන්නයට කාලෝචිත නව ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්

by
0 comments

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත.

සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂම ව සිදු කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළ විශේෂාංග කීපයක් ම හඳුන්වා දී තිබෙන බවයි.

විවිධ බහුකාර්ය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා කදිම තේරීමක් වන නව ටයරය බවට පත් කරමින් සොනාලිකා, ටැෆේ, ජෝන් ඩියර් සහ මහින්ද්‍රා වැනි ජනප්‍රිය ට්‍රැක්ටර් සන්නාම සමඟ මනාව ගැලපේ.

ටයරයේ කට්ටවල ලිස්සා නොයන ගැඹුර (NSD) විශේෂයෙන් වැඩි අගයක් ගන්නා අතර එමගින් සී සෑමේ ක්‍රියාවලියේ දී අසමසම කාර්ය සාධනයක් පෙන්නුම් කරනු ඇත. මඩ සහිත හා තෙත් තත්ත්වයන් තුළදී වැඩි ස්ථාවර බවක් ලබා දෙන මෙම ටයරයෙන් දිගුකාලීන සේවාවක් සහ උපරිම වටිනාකමක් සහතික කරයි.

13.6-28 PUDDLE XL TT 12 PR සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද හයවන ට්‍රැක්ටර් ටයර් ප්‍රභේදය යි.

සමාගමේ කෘෂි ටයර් පෙළට මෙම නවතම එකතු කිරීම පිළිබව අදහස් දක්වමින් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසූයේ මෙම නව ටයරය මගින් නියමිත කාර්යයන් වලදී මෙන් ම විශේෂිත තත්ත්වයන් තුළදී ද ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා දීම සඳහා ටයර් නිර්මාණය කිරීමට සියැට් සතු හැකියාවට හොඳ උදාහරණයක් බවයි.  “අස්වැන්න නෙළන කාලය තුළදී මුහුණ දෙන විශේෂ ගැටළු හා අභියෝගවලට පිළිතුරු ලබා දෙමින් මෙම ටයරය ඉහළ කාර්යසාධනය, කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය සහතික කරන්නේ වඩා හොඳ ඵලදායීතාවයක් හා කාර්යක්ෂමතාවයක් ලඟා කර ගැනීමට ගොවීන් හා ට්‍රැක්ටර් ක්‍රියාකරුවන් සවිබල ගන්වමිනි,” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින්  නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැලණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00