ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිසක් මෙරටට

ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිසක් මෙරටට

by CeylonLk
0 comments

සටහන අරුනඩෙල් විජේරත්න

 

ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති සහ ITC ලිමිටඩ් හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව් පූරි මහතා ප්‍රමුඛ CII ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිසක් 2025 ජූනි 29 වන දින සිට ජූලි 02 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය සිදු වූයේ 2024 දෙසැම්බර් මස සිදුවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල ඉන්දීය සංචාරය අතරතුරදී කෙරුණු ආරාධනාවක් අනුවයි.

ආගන්තුක සත්කාරය, නිෂ්පාදන, බලශක්තිය, සෞඛ්‍ය සේවා, රෙදි පිළි සහ සංචාරක කර්මාන්තය වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයන් 15කට අධික පිරිසක් මෙම නියෝජිත පිරිසට ඇතුළත් විය.

සංචාරය අතරතුර ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරිය හමු වීමේ අවස්ථාව මෙම නියෝජිත පිරිසට හිමි විය. හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට, ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ සාධාරණ සහ පාරදෘශ්‍ය ව්‍යාපාරික පරිචයන් සහතික කිරීමට රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වය විසින් ඉන්දීය ව්‍යාපාරික නියෝජිතයන් දැනුවත් කරන ලදී.

එසේම, මෙම නියෝජිත පිරිස බලශක්ති අමාත්‍යවරයා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක් ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ද හමු වී සාකච්ඡා පැවැත්වූහ. ආයෝජන ප්‍රමුඛ සහයෝගීතාවයන් සහ ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ හවුල්කාරීත්වයන් ඉහළ නංවා ගත හැකි ආකාර පිළිබඳව සාකච්ඡාවන් හි අවධානය යොමු විය.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ලංකා වාණිජ මණ්ඩලය (CCC) සමඟ එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වටමේස සාකච්ඡාව මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් විය. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසේ නායකත්වය ඉසිළීය. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ සහයෝගීතාවයන් සඳහා නව අවස්ථාවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද මෙම වටමේස සාකච්ඡාවට සහභාගී විය.

මෙම සංචාරයට සමගාමීව මහ කොමසාරිස්තුමා විසින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ දේශපාලන නායකයන් සඳහා ප්‍රිය සම්භාෂණයක් ද පවත්වන ලදී. ශ්‍රී ලංකාව පුරා පිහිටි වෙළඳ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

CII ප්‍රධාන විධායක නිලධාරී නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී තවදුරටත් ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර හඳුනාගන්නා ලදී. එසේම, මෙම සංචාරය පවතින ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට, ආයෝජන ප්‍රමුඛ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමට සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය සඳහා නව මං පෙත් ගවේෂණය කිරීමට CII වැනි ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල දක්වන කැපවීම අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00