ceylonlknews.com

Ceylon Lk News

Home ව්‍යාපාර අඛණ්ඩව සිව්වන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

අඛණ්ඩව සිව්වන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

by
0 comments

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (17) දිනයේත් දක්නට ලැබුණි. මෙලෙස මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව සිව්වන දිනයටයි.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.38 කින් ඉහළ ගොස් ඒකක 16,257.31 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 13.62 කින් ඉහළ ගොස් ඒකක 4,931.66 ක් ලෙසින් සටහන් විය.

අද සමාගම් 114ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර ඩයලොග් ආසියාටා, DFCC බැංකුව, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස්, හේමාස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 5.41 ක් ලෙසයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00