Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය සිලි සිලි බෑග් බද්දක්

සිලි සිලි බෑග් බද්දක්

by CeylonLk
0 comments

සටහන පාලිත වීරසේකර

සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා පවසයි.

සුපිරි වෙළෙඳසල්වලින් සිලි සිලි මලු නොමිලේ ලබාදීමක් සිදු නොවන බවත්, ඊට මිලක් නියම කිරීම සිදුවනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

සුපිරි වෙළෙඳසල් ආදියෙන් විශාල වශයෙන් සිලි සිලි මලු නිකුත් කෙරෙන නිසා, පරිසරයට විශාල ලෙස සිලි සිලි මලු එකතුවීම අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න සම්බන්ධව විමසීමේදී ඔහු මේ බව පැවසුවේය.

මුදල් අමාත්‍යාංශය,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළුව අමාත්‍යාංශ රැසක් සමග මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවත්, පනත් ආදිය වෙනස් කර නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නා තුරු මෙම බද්ද හෝ අධිභාරය පැනවීම සම්බන්ධව යෝජනා කළ බවත් ඔහු කීවේය.

සිලි සිලි මලු සඳහා අවම මිලක් නියම කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද මෙරට තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූවත් ලෝකයේ වෙනත් රටවල් තුළ එය ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා පැවසීය.

මේ වනවිට සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ සිලි සිලි මලු නිකුත් කළද, ඔවුන් විසින් රෙදි බෑග් එකක් හඳුන්වාදී තිබෙන බවත්, එය අගය කරන බවත්, එවැනි කටයුතු ප්‍රවර්ධනය කළයුතු බවත් ඔහු කියා සිටියේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00