Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය රෝහිතගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

රෝහිතගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

by CeylonLk
0 comments

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලිසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවය.

ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාල ජීප් රථය මිලදී ගත් බවය.

එම ප්‍රකාශය අනුව පොලීසිය පසුගිය 19 වැනිදා පස්වරුවේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බවද වාර්තා වුණා.

ඒ අනුව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මෙසේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කළේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00