Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

by CeylonLk
0 comments

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අද (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.

ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඒ මහතා, ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00