Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ” මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ” – ඇත්තම හේතුව කියන ඇමතිතුමා……

” මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ” – ඇත්තම හේතුව කියන ඇමතිතුමා……

by CeylonLk
0 comments

පසුගියදා පැවති ඒෂියා මිරකල් සම්මාන උළෙලට ආරාධිතයෙකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, වේදිකාවේ සිට සම්මාන පිරිනැමීමේ ව්‍යාපෘතියකට එක්වූ අවස්ථාවක, ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ ලෙස තේරීපත් වූ හයේෂිකා ප්‍රනාන්දුට එම සම්මානය පිරිනැමීම ප්‍රතික්ෂේප කළේය.

ඔහු එම කාර්යය සඳහා කැඳවූවත්, අවසානයේදී හයේෂිකාට සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු වෙනුවට වේදිකාවේ සිටි වෙනත් පුද්ගලයෙකු විසිනි

තරුණයෙකුට පහරදීමක් සහ සමාජ මාධ්‍යයේ අවදානයට ලක්වූ වාදවිවාද කෙරෙහි සම්බන්ධ වීම හේතුකොටගෙන හයේෂිකා ප්‍රනාන්දුගේ නම ප්‍රසිද්ධියට ලක්ව ඇති අතර, එම උළෙලේදී ඇයට ‘ජනප්‍රියම ගුරුවරිය’ යන තවත් සම්මානයක්ද හිමිවිය.

එම සම්මානය පිරිනැමීම සිදුකෙරුණේ සුදත් රෝහණ මහතා විසිනි. මෙය සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙසේ පැවසීය:

“මට ඇයත් සමග කිසිදු පෞද්ගලික අමනාපයක් නැහැ. මම පෞද්ගලිකව පළමු වතාවට භෞතිකව මුණ ගැහුනෙත් එදා. ඒ අවස්ථාවේ ඇයට ආරාධනා කරන කොට මමත් පොඩ්ඩක් පුදුමයට පත් වුණා. අපේ රටේ ගුරු විදුහල්පතිවරු ඉන්නවා දෙලක්ෂ හැටදාහක් විතර. ඉතින් ඒ අය අතරින් හොඳම ගුරුවරිය මෙයාද? මට හෘද සාක්ෂියට එකඟව එවැනි සම්මානයක් දීමේ හැකියාවක් ලැබුණේ නැහැ.ඉතින් මම ඉතාම නිහතමානීව එම සම්මානය දීම ප්‍රතික්ෂේප කළා.”  

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00