Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

by CeylonLk
0 comments


හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශන පවත්වන අනෙකුත් දේශපාලනඥයන් ගේ නම් මෙසේය.

  • මහින්ද යාපා අබේවර්ධන, 
  • මහින්ද අමරවීර, 
  • චාමර සම්පත් දසනායක, 
  • දිලුම් අමුණුගම, 
  • රෝහිත අබේගුණවර්ධන, 
  • පවිත්‍රා වන්නිආරච්චි, 
  • කංචන විජේසේකර, 
  • සාගල රත්නායක, 
  • තිස්ස කුට්ටිආරච්චි, 
  • වජිර අබේවර්ධන, 
  • මහීපාල හේරත්, 
  • අනුර ප්‍රියදර්ශන යාපා, 
  • මනුෂ නානායක්කාර, 
  • වඩිවේල් සුරේෂ්, 
  • තුෂාර සංජීව පතිරණ, 
  • හර්ෂණ රාජකරුණා, 
  • ශානක්‍ය රාසමානික්‍යම්, 
  • පිල්ලෙයාන්, 
  • එච්.එම්. චන්ද්‍රසේන, 
  • ශාන්ත අබේසේකර.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් කියා සිටියේය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00