Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවෝ අත්අඩංගුවට !

තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවෝ අත්අඩංගුවට !

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

DR RASHEL (රූපලාවන්‍ය ද්‍රව්‍ය) වෙළඳ ලකුණ සහිත නිෂ්පාදන,නීත්‍යානුකූල අයිතියක් නොමැතිව විකිණීම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු පොලිස් වානිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් හි ප්‍රදර්ශනාගාර කළමනාකරු වන 51 හැවිරිදි, දළුගම ජොනික් වත්තෙහි පදිංචි වයි.එම්.ජී.ඒ. මහින්ද රත්නායක, තිලකවර්ධන ටෙක්ස්ටයිල් හි ගෘප් පර්චසින් මැනේජර් වන ඥානමලී මාවත, මාකොළ පදිංචි 51ක් හැවිරිදි ටී.එම්. ලලිත් ප්‍රසන්න, කැන්ඩි සිටි සෙන්ටර් හි කළමනාකරු වන පොලිස්ගම,වැල්ලේතොට, කඩවත පදිංචි 36 හැවිරිදි කේ.එච්.දුෂාන් සාලින්ද යන තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවන්ය.

සෙසු සැකකරුවන් දෙදෙනා වන්නේ DR RASHEL  Official Cosmetics and Treatment Center හි රැකියාවේ නිරත පහල බියන්විල කඩවත පදිංචි 33 හැවිරිදි එම්.ටී.ඩී. මලිත් අරෝෂ පෙරේරා හා ව්‍යාපාරිකයකු වන ඉහල කරගහමුණ පදිංචි 25 හැවිරිදි ඩී.එස්.ඒ. තරුෂ නවෝද යන අයයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00