Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය “තදින් ක්‍රියාත්මක කරන්න” – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

“තදින් ක්‍රියාත්මක කරන්න” – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

by CeylonLk
0 comments

 රාජ්‍ය විශ්ව විද්‍යාලවල නවක වදය මුලිනුපුටා දැමීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඊයේ (09) නියෝග කරනු ලැබීය.

එමෙන් ම, එම ක්‍රියාමාර්ග දියත් කිරීමේ දී අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන, තාක්ෂණික සහයෝගය සහ අනෙකුත් පහසුකම් සියල්ල ද නොපමාව ම ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට ද නියෝග කරනු ලැබීය. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට 2020 වසරේ තේරී පත්ව සිටි පසිඳු ශිරුශාන් ද සිල්වා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවන් එම නියෝග ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් ලබන ජනවාරි 14 වෙනි දින සිදු කරන ලෙස ද නියෝග කර ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00