Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ඉනාමළුව රක්ෂිතයේ තිබී සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

ඉනාමළුව රක්ෂිතයේ තිබී සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

by CeylonLk
0 comments

සටහන.. ජයසිංහ වීරසේකර

දඹුල්ල, ඉනාමළුව, දිගම්පතහ රජයේ රක්ෂිතය තුළ තිබියදී  ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළසිරුරු හා අස්ථි කොටස් කිහිපයක් අද (22) පෙරවරුවේ සොයාගැනුණි.

ඒ ප්‍රදේශයේ පිරිසක් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

රක්ෂිතයේ, දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයට ආසන්න ස්ථාන තුනක මෙම මෘත දේහ සහ අස්ථි කොටස් දක්නට ලැබුණි.

ඉන් එක් මෘත දේහයක් ඇතෙකුගේ බවට සැකකළ හැකි අතර, එම ඇතාගේ දළ යුගළ කපාගෙන ගොස් ඇති බවට වන ලක්ෂණද දක්නට ලැබේ.

මීට මාසයකට පමණ ඉහතදී මියගොස් ඇති බවට සැක කෙරෙන මෙම අලි ඇතුන් මියගොස් ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

මේ අතර ගල්ගමුව ඇහැටුවැව, ගාලයායවෙල රක්ෂිතයේ තිබියදී දළ සහිත හස්තියෙකුගේ මළ සිරුරක් අද සොයාගැනුණි.

ඒ මසුන් ඇල්ලීම සඳහා එහි ගිය ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවය.

මියගොස් ඇත්තේ කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය හා ඇහැටුවැව තේක්කකැලේ රක්ෂිතය ආශ්‍රිතව සැරිසැරූ ” ගල්ගමුවේ සුමන” හස්තියා බවට සැලකෙන අතර ප්‍ර දේශවාසීන් සැක පළ කරන්නේ හස්තියා කිසිවකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බවටය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ වයස අවුරුදු 20ක් පමණ වන හස්තියා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00