Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

by CeylonLk
0 comments


මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කරන ලදී.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

 

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00