Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය අතරමැදි ශ්‍රේණි චක්‍රලේඛය වෙනස් කළ නොහැකියි – අගමැතිනිය

අතරමැදි ශ්‍රේණි චක්‍රලේඛය වෙනස් කළ නොහැකියි – අගමැතිනිය

by CeylonLk
0 comments

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කළේ දරුවන්ට ඇති වන පීඩනය අවම කිරීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, අතරමැදි ශ්‍රේණි චක්‍රලේඛය වෙනස් කළ නොහැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

නව චක්‍රලේඛය හේතුවෙන්, අතරමැදි වසර සඳහා දරුවන් ඇතුළත් කිරීමේදී පාසලේ සේවය කරන ගුරුවරුන්ට අසාධාරණයක් සිදු වන බව පවසමින් බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ගුරුවරුන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00