ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග H K පෙරේරා නිවස.

H K පෙරේරා නිවස.

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

කළුතර දිස්ත්‍රික්කයේ ඈතගම ගමෙහි ගාලු පාරටව යාබදව පිහිටා ඇති මෙම පැරණි නිවස එකල ඉඩම් හිමි ව්‍යාපාරිකයෙක් වූ හල්නෙත්ති කයිතන් ප්‍රේරා රේන්දරාල විසින් ඉදි කරන ලද්දකි. නිශ්චිතව ඉදිකරන ලද වසරක් පිළිබඳව සඳහනක් නොමැති වුවද මෙම නිවස වසර සියයකට වඩා පැරණි බව තතුදත් ප්‍රදේශවාසීන් පවසති. මෙම නිවස රේන්දරාල විසින් තනවා ඇත්තේ තම බිරිඳ කැඳවාගෙන ඒමටය. ඔවුන් 1916 වසරේදී විවාපත්ව ඇත. එලෙස බැලූවිට මෙම නිවස 1916 වසරට පෙර ඉදිවූ බව පැහැදිලිය. රේන්දරාල විසින් මෙම නිවස ඉදි කිරීමේදී අත්තිවාරම් පෑගවීම සදහා ඇතුන් යොදාගත් බවත් එම ඇතුන් ගාල් කර තිබූ ඇත්ගාල පිහිටි පාර අදටත් ඇත්පන්තිය පාර ලෙස හදුන්වනු ලැබේ. මෙම ඉපැරැණි නිවස කාමර 05 සහ සොල්දරයකින් සමන්විත වේ. තවද මෙම නිවසේ කැටයම් වල රේන්දරාල ගේ නමෙහි මුලකුරු H.K.P. ලෙස කැටයම් කර තිබීමද සුවිශේෂී ලක්ෂණයකි.

දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදී ඉංග්‍රීසීන් විසින් මෙම නිවස ඇතුළුව ප්‍රදේශයේ තවත් පැරැණි නිවාස කිහිපයක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත් අතර නිවැසියන් තාවකාලිකව වෙනත් ප්‍රදේශයක ජීවත් වී ඇත. ඉංග්‍රීසීන් විසින් මෙම නිවස හා යාබද නිවාස ඔවුන්ගෙ තාවකාලික රෝහල් ලෙස භාවිතා කොට ඇති අතර යුධමය තත්ත්වය පහව ගිය පසු නැවත මුල් පදිංචිකරුවන් වෙත නිවස ලබා දී ඇත. එහෙත් අභාග්‍යසම්පන්න ලෙස ලෝක යුද්ධය පැවති සමයේදි රේන්දරාල මියගොස් ඇති අතර නැවත නිවසට පැමිණ ඇත්තෙ ඔහුගේ හාමිනේ වූ රොයිසා ද සිල්වා අබේවීර ගුණසේකර සහ පුතා පමණි. මෙම නිවස තවමත් එම රේන්දරාල ගේ මුණුපුරෙකු සතුව පවතී.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00