ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය CIB Big City, 90ට විකුණලා මිලියනයක් දඩකෑව වතුර බෝතලේ Waters Edge 400ට විකුණලා

CIB Big City, 90ට විකුණලා මිලියනයක් දඩකෑව වතුර බෝතලේ Waters Edge 400ට විකුණලා

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

බත්තරමුල්ලේ පිහිටි රජයට අනුබද්ධ වෝටර්ස් එජ් හෝටලය විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන රුපියල් 70 කට මිලකර ඇති මිලි ලීටර් 500 ප්‍රමාණයේ SCAN වර්ගයේ පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) ජල බෝතලයක් රුපියල් 400 කට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මිලි ලීටර් 500 ක පානීය ජල බෝතලයක් අලෙවි කළයුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70 ක් වුවද, මෙම සංචාරක හෝටලය විසින් එම ප්‍රමාණයේ පානීය ජල බෝතල් දෙකක් සඳහා රුපියල් 800 ක මුදලක් අයකර තිබේ.

මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බෝතල් කළ පානීය ජලය ලෙස (Bottled Drinking Water) ලෙස අදාළ බිල්පතෙහි සඳහන් කළ යුතු වුවත්, එහි පානීය ජල බෝතල් දෙක සඳහන්කර ඇත්තේ Mineral Water ලෙසිනි.

මේ සම්බන්ධවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අවධානය යොමුව ඇති බවද පැවසේ.

මීට පෙර මේ ප්‍රමාණයේම රුපියල් 70කට අලෙවි කළ යුතු ජල බෝතලයක් රුපියල් 90කට විකුණූ බවට චෝදනා කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවටකට එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිලිගත් මහරගම CIB Big City ව්‍යාපාරික ආයතනයකට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් රුපියල් මිලියනයක දඩයක් නියමකර තිබිණි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00