ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ලෝක බලවතාට ළැව් ගින්නක් පාලනය කරගන්න බැරි ඇයි ?

ලෝක බලවතාට ළැව් ගින්නක් පාලනය කරගන්න බැරි ඇයි ?

by
0 comments

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ළැව් ගිනි තත්ත්වය පාලනය කිරීමට ජල හිඟය බාධා වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ, ළැව් ගිනි පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවල ජල සැපයුම නොපැවති බවයි.

ඇතැම් ප්‍රදේශවල ප්‍රමාණවත් පීඩනයකින් ජල සැපයුම නොමැති වීමද ගින්න පාලනයට බාධාවක් වූ බව වාර්තා වේ.

මෙවැනි හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා ප්‍රමාණවත් වන ජල සැපයුම් පද්ධතියක් ලොස් ඇන්ජලීස්හි ස්ථාපිත කර නොතිබූ බවද මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස සහ දේපල 10,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00