ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ලෙඩ රෝග රැසකට සුවය සලසන අමු කහ සත්කාරය

ලෙඩ රෝග රැසකට සුවය සලසන අමු කහ සත්කාරය

by CeylonLk
0 comments

සටහන.. ජයසිංහ වීරසේකර

කහ විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා භාවිතා කරනා කහ, ආයුර්වේදයේ ඖෂධයක් ලෙස මෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළු බඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.ශරිර අභ්‍යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර , බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක් ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක් ලෙස ද භාවිතා කෙරේ.කහ , අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ භාවිතා කරන කහවල උද්හිද විද්‍යාත්මක නාමය වනුයේ curcuma longa යනුවෙනි. කහ වර්ග හතරකි, හරිද්‍රා, කර්පුර හරිද්‍රා, ආම්රගන්ද, හරන් හොදින් පැසුණූ කහ අලය , රතු පැහැයට හුරුය. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධ ගුණයෙන් ඉහළ බව කියවේ.

ඖෂධිය ගුණ කප හා වාතය සමනයට ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින් ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය.ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරිමටත් අමු කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති කිරිමට ච කහ ඉතා යෝග්‍ය ඖෂධයකි.අන්ත්‍රගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්‍යය වේ.හික්කාවෙන් පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා ඇවිළෙන විට එකවර නිවා දැමිමේදි නගින දුම ගුණදායකය.ශරිරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලිමෙන් ගුණය ලැබේ.රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගින්ට මී පැණි සමඟ මිශ්‍රකර ගැනිම ද යෝග්‍යය වේ.

පුරස්ථිත ග්‍රන්ථි ඉදිමුණ රෝගි තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර මල්ගෝවා ව්‍යාංජනයට කහ වැඩිදුර දමා ගැනිමෙන් , පුරස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකිය.ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසිදු කිරිම ද ගුණදායකය.ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළීකාවන් වර්ධනය විම සිමා කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මණින් සුව විමටත් කහ උපකාරි වේ.ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදිම සඳහා භාවිතා කිරිම ද ගුණය.ශරිරයේ ඇතිවන කුෂ්ඨ , දද , ඇති අවස්ථාවේදි අමු කහ කොටා ගැල්විම හෝ තම්බා වතුරෙන් සේදිම ද යෝග්‍යය.දිලිරි ආසාදන වළක්වා ගැනිමට හින් නිදිකුම්බා අමුකහ දමා තම්බා ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.සියඹලා කොළ අමුකහ සමට ගෙන තම්බා හෝ කොටා ශරිරයේ ගැල්විමක් ආසාත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දේ.ශරිරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරිරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.රුව වැඩි කිරිමට භාවිතා කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය ලෙසට භාවිතා කරන කහ වඩාත් යෝග්‍ය වන්නේ ස්වභාවික කහ අමුවෙන් ගැනිම බව ද මතක තබා ගත යුතුය.කහ ශරිරයේ ගැල්විමෙන් මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරිමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑම වැළැක්විමේ ඖෂධයක ලෙසත් අතිතයේ සිට අද දක්වා කහ භාවිතා කර තිබේ.එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

කහ වල ඖෂධීය ගුණ උපදෙස් – බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00