ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය වත්තල හා හැඳල ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

වත්තල හා හැඳල ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් කල් ඉකුත් වූ භාණ්ඩ මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් විනාශ කරයි

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) වත්තල හා හැදල ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන තුනකින් අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ කරවල සහ රටඉඳි මෙට්‍රික් ටොන් 4.5කට අධික ප්‍රමාණයක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම්වලින් පසුව විනාශ කර තිබේ.

ඒ අනුව කල් ඉකුත් වූ රටඉඳි මෙට්‍රික් ටොන් 3.6ක් , කල් ඉකුත් වූ හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 1ක් , කල් ඉකුත් වූ කරවල කිලෝග්‍රෑම් 300 ක් මෙලෙස විනාශ කර ඇත.
⁠2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත්කල අංක 1875/38 (15.08.2014) දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ( නියෝග අංක 52 ) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අදාල වෙළඳුන්ට රු. 55,000 ක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලදී.
කල් ඉකුත් වූ හෝ භාවිතයට නුසුදුසු නිෂ්පාදන විකිණීම සඳහා වෙනත් භාණ්ඩ සමඟ ගබඩා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සියලුම වෙළඳුන් දැනුවත් කෙරේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00