සටහන..J.W
මහනුවර යුගයේ අපේ රජවරුන් නව දෙනෙක් විතර අපට හමුවෙනවනේ.ඉතින් මේ සියළුම රජවරු මියගියාම ආදාහනය කළේ කොහේද කියලා කියන්නයි අද සුදානම් වෙන්නේ.හැබැයි රජවරු විතරක් නොවේ රජතුමාගේ බිසෝවරුන් ,මව්බිසව වගේ රජ පවුලේ ඉහළම පෙළේ අයත් ආදාහනය කරපු තැන ගැනයි අද ලියන්නේ.
ඔබ අහලා තියෙනවා අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරය ගැන.එ් කියන්නේ දළදා පෙරහරේ දියකපන පෙරහර අරඹන තැන.කුරුවිට දෙල්ගමුවේ සිට දළදා වහන්සේ වැඩමවාගෙන අවුත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මුලින්ම දළදා වහන්සේ තැන්පත් කළේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරයේනේ.ඒ සිහිවිම සදහා තමයි අවසන් මහ පෙරහරින් පස්සේ පෙරහර කරඩුව ගෙඩිගේ තැන්පත් කරලා දියකපන්න පෙරහර පිටත්වන්නේ.(මේ ගැන ඉදිරියේදි කියන්නම්)
ඉතින් මේ විහාරයට ආදාහන මළුව විහාරය කියලත් කියනවා.ඒකට හේතුව තමයි රජවරුන්ගේ ආදාහන මේ විහාර භූමියේ සිදුකිරිම.
රජවරුන් ආදාහනය කිරිම ආරම්භ වුණේ මෙහෙමයි.ගම්පල යුගයේ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ( 1347-1375) මව්බිසව තමයි චන්ද්‍රවති දේවිය.එතුමියට අස්ගිරි දේවි කියලත් කියනවා.චන්ද්‍රාවති දේවිය මියගියාම තුන්වන වික්‍රමබාහු රජතුමා විසින්
මව්බිසව ආදාහන කළේ අපි ඔය කියන ආදාහන මළුවේ.ඒ අදාහන කරපු තැන රජතුමා බෝධියක් රෝපණය කළා.ඒ බෝධිය අදත් තිබෙනවා.චන්ද්‍රාවති බෝධිය කියල තමයි ඒ බෝධින් වහන්සේ හදුන්වන්නේ.ඉතින් රජතුමා එම ස්ථානයේ විහාරයකුත් හැදුවා .ඒක තමයි අස්ගිරි ගෙඩිගේ විහාරය කියන්නේ.
ඉතින් අද අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාරය සුළු ප්‍රමාණයක පැතිර තිබුණත් අතීතයේ මේ විහාරයට උඩවත්ත කැළයෙන් මෙපිට හා බහිරවකන්දට මෙපිට සියළු ඉඩම් රජවරු පූජාකර ඇති බව අදත් විහාරයේ ඇති සන්නස් තුළින් පැහැදිලි වෙනවා.ඒ වගේම මේ විහාර භුමිය මහල් තුනක් තිබිලා තියෙනවා අතීතයේ.
උඩමළුව,මැදමළුව,පාත මළුව කියලා ඒ මළු තුන හදුන්වනවා.උඩමළුවේ තමයි බෝධින් වහන්සේ ඇතුළු විහාරය පවතින්නේ.දෙවැනි මළුවේ රජවරු ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස්වු බවත් පොත්පත්වල සදහන්වන බව එහි වර්තමාන විහාරාධිපති වේඬරුවෙි ශ්‍රි උපාලි අස්ගිරි අනුනාහිමියෝ කියනවා.
ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707- 1739) හා කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා ( 1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්.ඉතින් ඒ රජවරු වගේම මහනුවර යුගයේ සිටි සියළු රජවරු මේ විහාරස්ථානයට විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙනවා.
එසේම 1753 දි කීර්ති ශ්‍රි රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත්වු පසු ආදාහනය කර තිබෙන්නෙත් මේ ආදාහනමළුව විහාර භූමියේදි. එය සිහිවීම සදහා තායි රජ පවුල විසින් විහාර භූමියේ ඉදිකළ ස්මාරකය අදත් දකින්න තියෙනවා.
ඉතින් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා ( 1591- 1604), සෙනරත් රජතුමා ( 1604- 1635), දෙවැනි රාජසිංහ රජතුමා ( 1635- 1687) ,දෙවැනි විමලධර්මසූරිය රජතුමා ( 1687- 1707), ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ( 1707- 1739), ශ්‍රි විජයරාජසිංහ රජතුමා ( 1639- 1757), කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා (1747- 1782),රාජාධිරාජසිංහ රජතුමා ( 1782- 1798) යන රජවරුන් මියගිය පසු ආදාහනය කර ඇත්තේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාර භූමියේ බවයි සදහන් වෙන්නේ.එපමණක් නොව මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මව්බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සදහන් වෙනවා.
එසේම රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කරලා විහාර භූමියේ කුඩා චෛත්‍ය වැනි ස්මාරක හදා තිබෙනවා.ඉංග්‍රීසි පාලනය එනතුරු මේ ස්මාරක විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසි පාලකයන් ඒවා බොහෝමයක් වැනසි යෑමට සලස්වා තිබෙනවා.නමුත් ඉංග්‍රීසින් තම පාලනයට හවුල්වු ඉංග්‍රීසි නිලධාරින් මියගිය විට ඔවුන්ගේ ස්මාරක මාලිගාවට පිටුපස ගැරිසන් සොහොනේ ඉදිකළා.ඒත් ඉංග්‍රීසින් ඇතැම්විට අපේ රජවරුන්ගේ ස්මාරක කඩාදම්මන්න ඇති.
එසේම ඉතිරිවු රාජකීය ස්මාරකත් විනාශවුයේ නුවර මාතලේ දුම්රිය මාර්ගය හැදිමේදි. 1878- 1880 කාලයේදි එම දුමිරිය මාර්ගය හැදුවේ ගෙඩිගේ විහාරය හෙවත් ආදාහන මළුව යටින්.ඉතින් ඒ ඉදිකිරිමෙිදි ඉතිරිව තිබු රාජකීය ස්මාරකය ටිකත් ඉංග්‍රීසින් විනාශකර දැම්මා. නමුත් විහාර භුමියේ ඉපැරණි අරලිය ගස් දෙකක් පමණ අදත් දකින්න තිබෙනවා.බොහෝවිට එම ගස් රාජකීීයයන් ආදාහනය කර භෂ්මාවශේෂ තැන්පත් කර රෝපණය කළ ගස්විය හැකි බවද කියනවා.
දළදා සමිදුන් වැඳපුදාගන්නා ඔබට හෙළයේ මහ රාජකීයන් නිදනා ආදාහනමළුව (ගෙඩිගේ ) විහාරයටත් ගොඩවි එහි ඓතිහාසිකත්වය මතුපරපුරට කියා දිය හැකිනම් එය වටිනා ක්‍රියාවක් වෙනවා.