ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය කොළඹ වරාය පරිශ්‍ර සමූහ මිනීවළෙන් 88කගේ අස්ථි

කොළඹ වරාය පරිශ්‍ර සමූහ මිනීවළෙන් 88කගේ අස්ථි

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළක කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව කැණීම් නිලධාරීන් තහවුරු කරයි.

තාවකාලිකව නවතා දමා තිබූ මිනීවළේ තුන් වන අදියරේ කැණීම් කටයුතු මේවන විට යළි ආරම්භ කර ඇති බවද පැවසේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සමූහ මිනීවළේ කැණීම් කටයුතු සිදුවන අතර සමූහ සුසාන කැණීමෙහි ලා මෙරට ප්‍රවීණයෙකු වන පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයවීම මත කැණීම් කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.

එහි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු භාර වී ඇත්තේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේ මහතාටය.

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජූලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෑතකදී පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විට රට පුරා සමූහ මිනීවළවල් 17 ක් වාර්තාවී ඇති බවයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00