සටහන..අරුනඩෙල් විජේරත්න
මාරවිල රිසෝට් පීඑල්සී (Marawila Resorts PLC) විසින් හිමිකාරිත්වය හා කළමනාකරනය කරනු ලබන මාරවිල Club Palm Bay හෝටලය විසින් SCAN ආයතනය විසින් රුපියල් 100/-කට මිල නියම කළ බෝතල් කළ වතුර බෝතලයක් රුපියල් 338/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
සමාජ ක්‍රියාකාරියකු හා දේශපාලඥයකු වන ඕෂල හේරත් මහතා විසින් සිය ෆේස්බුක් පිටුව හරහා අදාළ හෙළිදරව්ව කර තිබේ.
මීට පෙර ද බත්තරමුල්ලේ පිහිටි රජයට අනුබද්ධ වෝටර්ස් එජ් හෝටලය විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන රුපියල් 70 කට මිලකර ඇති මිලි ලීටර් 500 ප්‍රමාණයේ SCAN වර්ගයේ පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) ජල බෝතලයක් රුපියල් 400 කට අලෙවි කිරීමක් හෙළිදරව් කළේය.
එසේම, මිලි ලීටර් 500 ප්‍රමාණයේ රුපියල් 70කට අලෙවි කළ යුතු ජල බෝතලයක් රුපියල් 90කට විකුණූ බවට චෝදනා කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවටකට එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිලිගත් මහරගම CIB Big City ව්‍යාපාරික ආයතනයකට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් රුපියල් මිලියනයක දඩයක් නියමකර කර තිබූ පුවත ද අප වාර්තා කළේය.

