ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය නෙට්එකෙන් නිරුවත් වීඩියෝ මුදාහැරි Cinnamon හි රිසෙප්ෂනිස්ට එරෙහි නඩුව විභාගයට

නෙට්එකෙන් නිරුවත් වීඩියෝ මුදාහැරි Cinnamon හි රිසෙප්ෂනිස්ට එරෙහි නඩුව විභාගයට

by CeylonLk
0 comments

නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයෙන් මුදාහරින ලදැයි චෝදනා එල්ල වී තිබෙන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ හිටපු පිළිගැනීමේ නිලධාරිනියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබෙන නඩුව විභාග කිරීමට අධිකරණය ඊයේ (24) තීරණය කළේය.

බොරලැස්ගමුව, වේරහැර ජයන්ති පෙදෙසේ පදිංචි දොන් හේමන්ති එගොඩගේ නමැති විත්තිකාරියට එරෙහිව පවරා තිබෙන එම නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ එලෙස තීරණය කළාය.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

2020 අගෝස්තු මස හෝ ඊට ආසන්න දිනයකදී අංක 78/28, අරලිය ටෙරස්, මත්තේගොඩ ලිපිනයේ පදිංචි එරන්දි ලීලාංජලී වීරසිංහ යන අයට ඇගේ සැමියා වන ලහිරු දුෂ්‍යන්ත යන අයගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ ගබඩා කර ඒවා මුදාහැරීමේ අරමුණින් සන්තකයේ තබාගැනීම සහ ඒවා තම ජංගම දුරකථනයේ වයිෆයි පහසුකම ඔස්සේ අන් අයට දිස්වීමට සැලැස්වීමෙන් අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් විත්තිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස නඩු පවරා තිබිණි.

මෙම නඩුවේ පැමිණිලිකාර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකාරියට එරෙහිව අසභ්‍ය ප්‍රකාශන පනතට අමතරව දණ්ඩ නීති සංග්‍රහය යටතේද චෝදනා ඉදිරිපත් විය යුතු හෙයින් චෝදනා පත්‍රය සංශෝධනය විය යුතු බව දන්වා සිටියේය.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා යළි කැඳවන ලෙස නියම කළාය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00