ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය සජිත් වෙනුවට විපක්ෂ නායකකමට දයාසිරි පත්කරන්න රහසිගත සකච්ඡා!

සජිත් වෙනුවට විපක්ෂ නායකකමට දයාසිරි පත්කරන්න රහසිගත සකච්ඡා!

by CeylonLk
0 comments

සටහන…….අරුනඩෙල් විජේරත්න

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයෙන් ඉවත් කර වෙනත් පුද්ගලයකු එම තනතුරට පත්කිරීම සඳහා පවත්වන ලද රහසිගත සාකච්ඡා පිළිබඳව තොරතුරු හෙළි වෙමින් තිබේ.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව සමගි ජන බලවේගයෙන් දයාසිරි ජයසේකර, හර්ෂ ද සිල්වා හෝ සුදුසු කාන්තා මන්ත්‍රීවරියක එම ධුයට පත්කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇතැයි වාර්තා සඳහන් කරයි.

ඇතැම් පාර්ශව හෙළිකර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගේ ම ආභාෂය නොමැති කෙනෙකු හට එම ධුරය ලබාදීමට තවත් පිරිසකගේ අවධානය යොමුකර ඇති බවයි.

දයාසිරි ජයසේකරගේ නම සඳහන් වීම පිළිබඳව නිරීක්ෂකයන්ගේ මතය වී ඇත්තේ, ඔහු මේ වනවිට රාජපක්ෂලා හා සමානව ජාතිවාදී සහ ආගම්වාදී මත දැක්වීම ඉදිරි සැලසුමක් අනුව සිදුකරන බවය.

මේ අතර, රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් හර කාණ්ඩයෙන් ඉවත් කිරීම සහ බෞද්ධාගම ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන ප්‍රතිපාදන උල්ලංඝණය කර ඇති බවට ඔහු ප්‍රචාරය කරමින් සිටී.

මේ සම්බන්ධ විශේෂ ලිපියක් මහනායක හිමිවරුන්ට යවමින් ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා දී ඇති බව Lanka Truth වෙබ් අඩවිය හෙළිකරයි.

එම ලිපිය මගින් ආණ්ඩුවට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර වෙනත් මුහුණවරකින් ලබාදීමේ උත්සාහයක සමගි ජන බලවේගයේ මෙම මන්ත්‍රීවරයා යෙදී සිටින බව වැඩි දුරටත් වාර්තා වේ

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00