ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග උඩරට_මාර්ගයේ_බිංගෙවල්

උඩරට_මාර්ගයේ_බිංගෙවල්

by CeylonLk
0 comments

සටහන…….අරුනඩෙල් විජේරත්න

 

කෝච්චියක නැගලා බිංගෙයක් ඇතුළෙන් යද්දී නරි ඇවිල්ලා වගේ අපි කවුරුත් හූ කියලා තියෙනවා. එහෙම කරන්නේ ඇයි කියලා දන් නැති උනත් ජොලි වැඩක් ඒක. මෙහෙම කොළඹ කොටුවේ ඉදලා බදුල්ල දක්වා ප්‍රධාන මාර්ගයේ (උඩරට මාර්ගයේ) ගමන්කරන දුම්රියකට හමුවන බිංගෙවල් මොනාද කියලා අද අපි බලමු.

1 – විල්වත්ත – බෝතලේ අතර

1A – විල්වත්ත – බෝතලේ අතර

(ද්විතව බිංගෙය)

2 – රඹුක්කන – කඩිගමුව අතර

3 – රඹුක්කන – කඩිගමුව අතර

4 – රඹුක්කන – කඩිගමුව අතර

5 – කඩිගමුව – ඉහළ කෝට්ටේ අතර

(හේනෙපොල බිංගෙය)

5A – කඩිගමුව – ඉහළ කෝට්ටේ අතර

(මීංගල්ල බිංගෙය)

6 – ඉහළ කෝට්ටේ – බලන අතර

(මාකෙහෙල්වල බිංගෙය)

7 – ඉහළ කෝට්ටේ – බලන අතර

8 – ඉහළ කෝට්ටේ – බලන අතර

9 – බලන – කඩුගන්නාව අතර

(මොරගොල්ල බිංගෙය)

9A – බලන – කඩුගන්නාව අතර

10 – බලන – කඩුගන්නාව අතර

11 – බලන – කඩුගන්නාව අතර

12 – ඉගුරුඔය – ගලබොඩ අතර

13 – ඉගුරුඔය – ගලබොඩ අතර

14 – හැටන් – කොටගල අතර

(සිංගිමලේ බිංගෙය)

15 – හැටන් – කොටගල අතර

16 – තලවකැලේ වටගොඩ අතර

17 – නානුඔය – අඹේවෙල අතර

18 – පට්ටිපොළ – ඔහිය අතර

(පට්ටිපොළ බිංගෙය)

19 – පට්ටිපොළ – ඔහිය අතර

20 – පට්ටිපොළ – ඔහිය අතර

21 – පට්ටිපොළ – ඔහිය අතර

22 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

23 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

24 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

25 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

26 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

27 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

28 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

29 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

30 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

31 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

32 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

33 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

34 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

35 – ඔහිය – ඉදල්ගස්හින්න අතර

36 – ඉදල්ගස්හින්න – හපුතලේ අතර

37 – හපුතලේ – දියතලාව අතර

38 – දියතලාව – බණ්ඩාරවෙල අතර

39 – බණ්ඩාරවෙල – හීල්ඔය අතර

40 – ඇල්ල – දෙමෝදර අතර

41 – දෙමෝදර – හාලිඇල අතර

42 – දෙමෝදර – හාලිඇල අතර

43 – හෑලිඇල – බදුල්ල අතර

ප්‍රධාන මාර්ගයේ හමුවන පළමු හා එකම ද්විත්ව බිංගෙය විල්වත්ත සහ බෝතලේ යන දුම්රිය ස්ථාන 2 අතර පිහිටා තියෙනවා

උඩරට මාර්ගයේ පිහිටා තියෙන දිගම බිංගෙය තමයි හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර පිහිටලා තියෙන සිංගිමලේ බිංගෙය. දිගින් මීටර් 562 (අඩි 1835) ක් පමණ වෙන මේ බිංගෙය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ දිගම බිංගෙය ලෙස නම් දරා සිටියත්, මුහුදුබඩ මාර්ගයේ නාකුට්ටියාගම සහ කැකනදුර යන දුම්රිය ස්ථාන දෙක අතර ඉදි වූ බිංගෙය (මීටර් 615ක් දිග) නිසා සිංගිමලේ බිංගෙයට දැන් දෙවන තැන හිමිවෙනවා. මුල් කාලයේදී මෙම බිංගෙය පූල් බෑන්ක් (Pool bank) නමින් හඳුන්වලා තියෙනවා.

සිංගිමලේ බිංගෙයට පසු දිගින් වැඩිම දුම්රිය බිංගෙය වෙන්නේ අංක 5A මීංගල්ල බිංගයයි (අඩි 1364).

අංක 5A බිංගෙය පිහිටි පර්වතයෙන් කඩා හැලෙන දිය ඇල්ල “මීයන් ඇල්ල” වන අතර එම ඇල්ල නැරඹීමට විශාල පිරිසක් පැමිණෙනවා. එම බිංගෙය තුළින් කුඩා උමගක් හරහට කපා ඇති අතර ඒ තුළින් රිංගා ගොස් මීයන් ඇල්ල කඩා වැටෙන හැටි බලන්න පුළුවන්.

උඩරට මාර්ගයේ වැඩිම බිංගෙවල් සංඛ්‍යාවක් පිහිටලා තියෙන්නේ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර. ඒ අංක 22 සිට 35 දක්වා බිංගෙවල් 14යි.

අංක 40 බිංගෙය ඉවරවනවාත් සමගම ආරුක්කු 9යේ පාලම හමුවෙනවා.

දෙමෝදර දුම්රිය ස්ථානයට යටින් දෙමෝදර බිංගෙය (අංක 42 බිංගෙය) පිහිටා තියෙනවා.

පසුකාලීනව නිර්මාණය වූ බිංගෙවල ලෙස 1A, 5A, 9A හඳුන්වන්න පුළුවන්.

අංක 10, 26 සහ 37 බිංගෙවල් දිගින් අඩු බිංගෙවල් වන අතර මේ අතරින් දිගින් අඩුම බිංගෙය වන්නේ අංක 10 බිංගෙයයි.

මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇත්තේ අංක 18 පට්ටිපොළ බිංගෙයයි.

අංක 14, 5A, 9 සහ 18 වැනි බිංගෙවල් දිගින් වැඩි නිසා ඒවාට ඇතුළු වන උඩරට මැණිකේ පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, බදුල්ල රාත්‍රී තැපැල්, දුන්හිඳ ඔඩිසි, කැලිප්සෝ සහ ඇල්ල ඔඩිසි වැනි දුම්රියන් සම්පූර්ණයෙන් වසා ගැනීමට මේ බිංගෙවල් වලට හැකියාව තියෙනවා.

සිංගිමලේ බිංගෙය ඇතුළු උඩරට මාර්ගයේ බොහෝ බිංගෙවල් මුදුනේ වැහිළිහිණි කූඩු බැඳ ඇති අතර ජාවාරම් කරුවන් විසින් ඒම කූඩු කඩා සංචාරකයින් අතර විශාල ඉල්ලුමක් ඇති විශේෂ සුප් වර්ගයක් සෑදීමට යොදා ගන්නා බව ඔබ අසා ඇති.

උඩරට දුම්රිය මාර්ගයේ පයින් ඇවිදන් යනවා නම් (Rail hike) මේ බිංගෙවල් තුළින් ගමන් කිරීමට ඔබට සිදුවෙනවා. ඒ නිසා අදාළ ස්ථාන වලින් අවසර ගැනීමත්, දුම්රිය කාලසටහන පිළිබඳව යම් අවබෝධයක් තිබීමත් වැදගත් වෙනවා. දිග බිංගෙවල් තුළ ඉතා ඝන අන්ධකාරයක් ඇති නිසා හොඳ එළියක් දෙන විදුලි පන්දමක් රැගෙන යන්න පුළුවන්නම් හොදයි.

දුම්රිය වලට අමතරව, බිංගෙවල් පිහිටා තියෙන ප්‍රදේශ වල සාමාන්‍ය ජනතාව මෙම බිංගෙවල් කෙටි මාර්ග විදිහට යොදා ගනිමින් ඒ හරහා ගමන් කරනවා.

මීට අමතරව මාතලේ මාර්ගයේ එක් බිංගෙයකුත්, මුහුදුබඩ මාර්ගයේ බිංගෙවල් දෙකකුත් පිහිටා තියෙනවා.

බිංගෙවල් ගැන ගොඩක් දේවල් දැනගත්තනේ. එහෙනම් මේකට උත්තරේ කියං යමු. බිංගෙය දෙපස වෙනස්ම පරිසර පද්ධති 2ක් තියෙන, මධ්‍යම පළාත සහ ඌව පළාත වෙන් වෙන්නේ මොන බිංගෙයින්ද?

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00