ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග උඩරට දුම්රිය මගට බිලි වූ දිය කොමළිය

උඩරට දුම්රිය මගට බිලි වූ දිය කොමළිය

by CeylonLk
0 comments

 

facebook sharing buttonකොළඹ සිට බදුල්ල දක්වාඋඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට දායාද කරන ලද අපූරු ත්‍යාගයක්. ඉංග්‍රීසීන්ගේ ඉංජිනේරු සමත්කම්වලින් එකක් සේ සැලකිය හැකි කන්ද උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක්.

මුහුදු මට්ටමේ ඉතා අඩු උසක සිට ශීඝ්‍ර නැග්මක් සහිත ඉහළ ස්ථානයක් කරා ළඟා වන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දී ඉතා සුන්දර ස්ථාන රාශියක් දුම්රියේ සිටම නැරඹීමේ හැකියාව තියෙනවා. දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ආකර්ෂණීය ස්ථානයක් වන මීයන් ඇල්ලට තමයි අද අපි ඇවිත් ඉන්නේ.😎

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ ඉඳලා වම් පැත්තට 1km දුරක් දුම්රිය මාර්ගයේ යන්න ඕනි මේ තැනට ලගා වෙන්න.

මෙතනට කෝච්චියේ එනවා නම් කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.55ට පොඩි මැණිකේ දුම්රියේ ඇවිත් 8.00 වෙත්දි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ට එන්න පුළුවන්.

ඔයාල බස් එකේ එනව නම් රඹුක්කනට හරි මාවනැල්ලට හරි ඇවිත් රඹුක්කන / මාවනැල්ල බස් එකෙන් අභයරජරාම විහාරය ගාවින් බැහැලා එතන ඉඳන් මාකෙහෙල්වල පාරේ ත්‍රීවීල් එකක ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට එන්න පුළුවන්.

ඒවගේම තමයි ඔයාලත් මේ බිංගෙය ඇතුලෙ තියෙන කුහරය ඇතුලට යනවා නම් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් දුම්රිය කාලසටහන පිලිබඳව දැනුවත් වෙලා යන්නත් ඔවුන් දැනුවත් කරල යන්නත් මතක තියාගන්න. මොකද බිංගෙය ඇතුලේ ඉන්න වෙලාවක කෝච්චියක් ආවොත් බොහොම පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වගේම බිංගෙය ඇතුලේ දැඩි කලුවරක් තියෙන නිසා ටෝච් එකක් පුළුවන්නම් අරන් එන්න එතකොට තවත් පහසුයි.🙂

ඒ විතරක් නෙමෙයි කුහරය ඇතුලට යනවා කියන්නේ අඩි 6ක් වගේ උඩට ආධාරකය ක් නැතුව නගින්න වෙනවා. ඊට සුදුසු ඇදුමක් ඇදගෙන යාමත් ඉතා වැදගත්.

සුන්දර මතකයන් පමණක් ඉතිරි කරගෙන පරිසර පද්ධතියට හානියක් නොකිරීම ඔබ සැමගේ වගකීම වේ.

twitter sharing button 

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00