Skip to main content

ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය පෝට් සිටි කෘත්‍රිම වෙරළ මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළ මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

by CeylonLk
0 comments


කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් පිරිසකගේ එක් තරුණයෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළඳ මුහුදු පතුල නීරීක්ෂණය කරමින් පිහිනමින් සිටියදී මෙම සිසුවා අතුරුදහන් වී ඇත. පසුව ඔහු පැළඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා කොළඹ වරාය පොලීසිය, නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් සහ රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00