ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග බීමත් හමුදා ලොක්කෙක් අඩ නිරුවතින් රෝහලේ යකා නටයි..

බීමත් හමුදා ලොක්කෙක් අඩ නිරුවතින් රෝහලේ යකා නටයි..

by
0 comments

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරි රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑලිය පොලිසිය විසින් (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගත කිරිම සදහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ (18) දින බිමත්ව බිම වැටි සිටියදි තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි අවස්තාවේ රෝහලේ සේවය කරන සේවකයෙකු විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුලත් කර ගැනිමේදි ඔහුට ගරු නොකරන කතා කල බව පවසමින් මේජර්වරයා උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදි ඇත.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතා නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුලදිම ප්‍රතිකාර ලබාදිමට නුවරඑලිය පොලිසිය කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ බිමත්ව බිට වැටි තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුලත් කිරිමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමග බහින් බස් විමක් සිදු වි ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය තමන්ටද මේජර්වරයා පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00