ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ලුණු මිල වැඩි කරයි

ලුණු මිල වැඩි කරයි

by
0 comments

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත.

කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කළේය.

මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02ක් වන බව සඳහන්ය.

කෙසේවෙතත් පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණි.

මේ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 12,000 ක් ආනයනය කර ඇත.

එහෙත් මෙම ආනයනය තාවකාලික බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

එළඹෙන මාර්තු මාසය වන විට හම්බන්තොට ලේවායේ ලුණු නිෂ්පාදනය සිදු කෙරෙන බැවින් ගැටලුවකින් තොරව දේශීය ලුණු සැපයීමට හැකි වනු ඇති.

මාර්තු මාසයේදී හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවත් සභාපතිවරයා පැවසීය.

හම්බන්තොට ලේවාය මගින් මෙරට ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.

මීට අමතරව පරන්තන් සහ පුත්තලම ලේවායන් මගින්ද මෙරට ලුණු අවශ්‍යතාව සම්පූරණ කරනු ලබයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00