ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග පොල් ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැහැ

පොල් ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැහැ

by
0 comments

පොල්  ගෙන්වීමේ කිසිදු තීරණයක් අරගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන පිළිබඳ විවාදයේ දෙවන දින විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ඵලදායිතාව වැඩි කිරීමෙන් තොරව කිසිදු කර්මාන්තයකට ඉදිරියට යන්න බැහැ. හාල් ප්‍රශ්නය සහ පොල් ප්‍රශ්නය ඇති වුණේ ඵලදායිතාව වැඩි කර නොගත් නිසයි. මිලියන 800ක් වන පොල් අපනයනකරුවන් සිටිනවා. වසර ගණනාවක් තිස්සේ පොල් නිෂ්පාදනය බිඳ වට්ටපු නිසා පොල් හිගයක් ඇති වී තිබෙනවා. එම නිසා තාවකාලිකව ඔවුන්ගේ අපනයන ක්‍රියාවලිය සඳහා අවශ්‍යවන පොල්කිරි, මද සහ පොල්තෙල් නෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි අමුද්‍රව්‍ය මිලදීගැනීම සඳහා ඉල්ලීමක් කර තිබෙනවා. එය සලකා බැලීමට ලක් කරනවා. එහෙම නැතිව පොල් ගෙන්වීමේ කිසිදු තීරණයක ගෙන නැහැ

දේශීය නිෂ්පාදනකරුවාගේ ඵලදායිතාව වැඩි කිරීමෙන් තොරව එහි ඉදිරි ගමනක් නොමැති බවත්  සඳහා අවශ්‍ය ශක්තිය සහ අවශ්‍ය යොමු කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය යටතේ සිදු කරන බවත් මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00