ceylonlknews.com

Ceylon Lk News

Home Politics ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ

ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ

by
0 comments

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් ඊයේ (22) පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

ආදිවාසී ජනතාවගේ ⁣ඓතිහාසික වටිනාකම පිළිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්, මේ වන විට  ඔවුන් මුහුණ දෙන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිළිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටළු පිළිබඳවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටළු වලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දුන්නේය.

ආදිවාසී ජනතාව රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂාකර දීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පැවසීය.

පරිසර අමාත්‍යංශය මගින් ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින්  සිදු කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේය.

ඒ සඳහා පවතින නීතිමය තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ සහ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහි දී පැහැදිළි කළහ.

ආදිවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසීය. ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල,  වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පරිසර අමාත්‍යංශය හා  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ ආදිවාසීන් පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00