ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග ශ්‍රී පාද වන්දනාවේ යන ඔබ මේ ගැනත් සැලකිළිමත් වෙන්න

ශ්‍රී පාද වන්දනාවේ යන ඔබ මේ ගැනත් සැලකිළිමත් වෙන්න

by
0 comments

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ විය.

ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම ඊයේ (14) අලුයම සිදුවිය.

මේ අතර සිරිපා වන්දනා සමය ආරම්භ වීමත් සමග රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගනු ලැබීය.

එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ ආරම්භ වූ සිරිපා වන්දනා සමය තුළ මහජනතාව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සම්බන්ධවය.

ඒ අනුව ශ්‍රී පාද මළුව විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හී මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙඳාම තහනම් වන අතර විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව රඳවා තැබිය යුතු බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම විශ්‍රාම ශාලා ලෙස නම් කර ඇති ස්ථාන හැරුණු කොට අන් කවර ස්ථානයක හෝ තාවකාලිකව නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම තහනම් වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් ව ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහළින්,

01. විශ්‍රාම ශාලා අම්බලම් යනු

1. ලිහිණිහෙල, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා/ අම්බලම් නවාතැන් ලෙස භාවිතා කළ යුතුය.

2. තාවකාලික නවාතැන් සකස් කිරිම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුය.

02. ගොඩනැගිලි ඉදිකිරීම

මාගෙන් හෝ බලයලත් නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවකු විසින් හෝ 2024 දෙසැම්බර් මස 14 දින සිට 2025 මැයි මස 13 දින දක්වා කාලය තුළ ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැනක් හෝ වෙළෙඳසලක් ඉදිකිරීම නොකළ යුතුය.

03. යාචකයෝ

සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම් විශ්‍රාම ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබා ගැනීම ද කිසිවකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතුය.

04. නෑම සහ සේදීම

දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මඟින් හඳුනාගෙන නම් කර ඇති ආරක්ෂිත ස්ථාන වල දී හැර දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතුය.

05. වාහන ගමන් මාර්ග

1. ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතුය.

2. වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගය වනු ඇත.

06. පරිසරය හා සනීපාරක්ෂාව

1. වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතුයි.

2. ශ්‍රී පාද අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකළ යුතුය.

3. වන්දනා වාරය තුළ බැතිමතුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු පළාත් පාලන ආයතන වලට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පවරමි.

4. මාර්ගයේ අත්වැට විෂබීජහරණය කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරමි.

07. වෛද්‍ය පහසුකම්

පෞද්ගලික ආයතන මඟින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනයේ පූර්ව ලිඛිත අවසරයන් ලබාගත යුතුය.

08. වෙළෙඳාම සහ දන්සැල්

1. සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළඳාම තහනම්ය.

2. මා විසින් හෝ බලයලත් නිලධාරියකු විසින් අවසර දුන් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතුය.

3. මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙනයාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනීම, විකිණීම, මිලදී ගැනීම හෝ භාවිතා කිරීම තහනම්ය.

4. පිවිසුම් මාර්ගයන්හි දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථීර වෙළෙඳසල් තැනීම හෝ පවත්වාගෙන යාම හෝ වෙළෙඳාම් කිරීම නොකළ යුතුය.

5. සෑම වෙළෙඳ සැලකම, සෑම ගොඩනැගිල්ලකම කසළ බඳුන් තැබිය යුතු අතර අපද්‍රව්‍ය සියල්ල එහි බහාලිය යුතු ය.

6. විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව රඳවා තැබිය යුතුය.

7. දන්සැල් ලබාදීමේදී එම කාලය තුළ පවතින සෞඛ්‍ය තත්වයන්ට අනුකූලව එය කළ යුතු අතර ඒ සඳහා මාගේ හෝ බලයලත් නියෝජිතයෙකුගේ පූර්ව අවසරය ලිඛිතව ලබාගත යුතුය.

09. වසංගත රෝග තත්ත්වයන් තුළ ගත යුතු ක්‍රියාමාර්ග

රට තුළ පවතින වසංගත රෝග තත්ත්වයන් යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් කලින් කලට නිකුත් කරනු ලබන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වන්දනාවේ යෙදීම කළ යුතුය.

10. ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00