ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය 79 වැනි ඉන්දීය නිදහස් දිනය ලංකාවේදී සැමරේ

79 වැනි ඉන්දීය නිදහස් දිනය ලංකාවේදී සැමරේ

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

79 වන ඉන්දීය නිදහස් දින සැමරුම කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී අද (15) පැවැත්වුණි.

මෙහිදී මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දීය ජාතික ධජය එසවූ අතර, මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය ජාතිකයන් රැසක් සහභාගී විය.

තවද, මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් ද විශේෂ නිදහස් දින සැමරුමක් සංවිධානය කර තිබිණ.

මේ අතර, මහ කොමසාරිස්වරයා ප්‍රමුඛ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදා විරුවන් වෙනුවෙන් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයේ දී සිය උපහාරය ද පුද කර තිබුණි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00