437
සටහන…….අරුනඩෙල් විජේරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට නියමිතව තිබූ නමුත්, එම අවසථාව මගහරිමින් අද පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බව වාර්තා වේ.
වාර්තා සඳහන් කරන්නේ, සිය දියණියට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි.
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ දියණියට සහ බෑනා අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔවුන්ගේ නිවසට ගොස් තිබූ නමුත් ඔවුන් එම නිවසේ නොසිටි බව වාර්තා විය.