ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි – සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි – සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

by CeylonLk
0 comments

පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කරගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිටි බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

මෙම බරපතළ සැලැස්ම හමුවේ බලධාරීන්ගේ වේගවත් ක්‍රියාමාර්ග හේතුවෙන් මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු හෙළි වූයේ කොමාන්ඩෝ සලින්ත නමැති පාතාලයේ ප්‍රබලතම අවි ආයුධ විකුණුම්කරුවකුට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදීය. සැකකාර ලුතිනන් කර්නල්වරයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, කොමාන්ඩෝ සලින්ත අවස්ථා ගණනාවකදී දුරකථනය හරහා තමන් සමඟ සම්බන්ධ වී ක්ලේමෝ බෝම්බ දෙකක් ඉල්ලා කරදර කළ බවයි. කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් සැක කරන්නේ මෙම ලුතිනන් කර්නල්වරයා සැබෑවටම එම ක්ලේමෝ බෝම්බ දෙක කොමාන්ඩෝ සලින්තට ලබාදී ඇති බවයි.

මෙම ඝාතන සැලැස්මේ පළමු අදියර ලෙස මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන හරක් කටා ඝාතනය කිරීමේ උත්සාහය ව්‍යාර්ථ වූ අතර, එයට පසුව ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය ඊළඟ සැලැස්ම ලෙස තෝරාගෙන තිබේ. හරක් කටා රැගත් බන්ධනාගාර බස් රථය අලුත්කඩේ අධිකරණය වෙත ළඟා වන මොහොතේ, අධිකරණය ආසන්නයේ මාර්ගයක යතුරුපැදියක සඟවා තිබූ ක්ලේමෝ බෝම්බය දුරස්ථ පාලකයක් භාවිතයෙන් පුපුරුවා හැරීම මෙම කල්ලියේ මූලික සැලැස්ම වූ බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, මීට පෙර මාධ්‍යවේදියකුගේ වෙස් ගෙන කැමරාවක තුළ පිස්තෝලයක් සවිකර හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්ම හෙළි වූ අතර, එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා සහ යොදාගැනීමට සූදානම් කර තිබූ පිස්තෝලය ද අත්අඩංගුවට ගෙන තිබේ. පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමඟම එම සැලැස්ම නතර කර, එයට යොදාගැනීමට සූදානම් කර තිබූ කැමරාව ගිනි තබා විනාශ කිරීමට මෙහෙයුම්කරුවන් කටයුතු කර තිබේ

ආයුධ විකුණුම්කරු ලෙස සැකකරු වන කොමාන්ඩෝ සලින්තට ආයුධ සැපයීම් සිදු කළ බවට චෝදනා එල්ල වූ ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටී. මෙම සිදුවීම පාතාල ක්‍රියාකාරකම් සහ ආයුධ ජාවාරම් අතර ඇති සම්බන්ධතාවයන් ගැන බලධාරීන්ගේ අවධානය තවදුරටත් යොමු කර ඇති අතර, වැඩිදුර විමර්ශන තවමත් සිදුවෙමින් පවතී.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00