ceylonlknews.com

Ceylon Lk News

Home විශේෂාංග සීතාවක නදිය අසබඩ, රාජසිංහ රජු තැනූ සිරිපා සලකුණ

සීතාවක නදිය අසබඩ, රාජසිංහ රජු තැනූ සිරිපා සලකුණ

by CeylonLk
0 comments

වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් උතුම් සිරිපා වන්දනා වාරය අවසන් වී ඇත. සීතාවක රාජසිංහ රජු සමඟ ශ්‍රී පාදස්ථානයට ඇත්තේ වෙනස්ම සම්බන්ධයකි. කලක බෞද්ධ විරෝධී ස්වභාවයක් ගත් ඔහු, ශ්‍රී පාදස්ථානය හින්දු භක්තික ආඬි ගුරුන්ට පැවරූ බව ඉතිහාසයේ කියවෙයි.

කෙසේ හෝ ඔහු ප්‍රකටව ඇත්තේ බෞද්ධ විරෝධී හින්දු භක්තිකයෙක් ලෙස ය. මේ අපූරු සිරිපතුලේ ආකෘතිය පිහිටා ඇත්තේ, ඔහු විසින් සාදා නිමකළ බව සැලකෙන බැරණ්ඩි කෝවිලේ සිට සීතාවක නදිය ඔස්සේ සැතැපුමක් පමණ ගිය තැන ය.

තිඹිරිපොළ රන් පත් ගල නම් සීතාවක නදිය අසබඩ අඩි 20 ක් පමණ උස ගල් කුලක් මත මෙම නිර්මාණය දක්නට ඇත. එය දිගින් අඩි 4 කි. එහි නෙළුම් මල් කිහිපයක් ද කැටයම් කර ඇත. සිරිපතුල ආවරණය කරමින් ගෘහයක් ඉදිකර තිබූ බවටද සාක්ෂි එහි වෙයි.

ජනශ්‍රැතිය අනුව සීතාවක රාජසිංයන්ගේ අග බිසවට ගර්භණී අවස්ථාවේ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්නට ආශාවක් ඇතිව තිබේ. පෘතුගීසි සහ සතුරු උඩරට බලපෑම් මෙන්ම දේවියගේ සෞඛ්‍ය තත්වය සලකා රජතුමා එයට අවසර නොදී, සිරිපා ආකෘතියක් රාජධානියට ආසන්නයෙන් තනවා ඇත. ඉන් අනතුරුව බොහෝ කලක් ගතවනතුරු එය සීතාවක සිද්ධස්ථානයක් බවට පත්ව ඇත.

නමුත් එහි ඇති විශ්මය නම්, ශ්‍රී පාදස්ථානයෙහි ඇත්තේ වම් සිරිපතුල් සලකුණ කි. මේ ස්ථානයේ ඇත්තේ දකුණු සිරිපතුල් සලකුණ කි. එය එසේ නිර්මාණය වූයේ ඇයි දැයි සිතා ගැනීම අපහසු ය. එසේම මේ පිළිබඳ විකල්ප මතයක්ද ඇත.

මෙය රාම දෙවිඳුන්ගේ පා සලකුණක් බවටද මතයක් ඇත. රජු හින්දු දහමට නැඹුරු වූ නිසා එයද සිදුවිය හැක්කකි. නමුත් මේ ස්ථානයේ සිට සීතාවක රාජකීය විහාරය ලෙස හඳුනාගන්නා, මානියංගම රජමහා විහාරයට ඇත්තේ ස්වල්ප දුරකි. සීතාවක රාජසිංහයන්ගෙන් මානියංගම රජමහා විහාරයට කිසිදු බලපෑමක් වී නැත.

මේ සිරිපතුල පවතින ප්‍රදේශය රන් පත් ගල ලෙස හදුනවන නිසා එය රාම පාද ගල නම් වචනයෙන් බිඳී ආවක් යැයිද සිතිය හැක. අවාසනාවකට මේ දක්වා මේ ස්ථානය නිසි පුරාවිද්‍යා ගවේෂණයකට ලක්වී නැත. මතු පරම්පරාවක් වෙනුවෙන් මෙය සංරක්ෂණය කිරීම බලධාරීන් සතු වගකීමකි.

ඡායාරූප හිමිකම – Shyamal Samarasinghe

උපුටාගැනීමකි

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00