ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

by CeylonLk
0 comments

1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත වර්තමාන සමාජ හා සංස්කෘතික ප්‍රවණතා පිළිබිඹු වන පරිදි යාවත්කාලීන වී නොමැත.

වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ පුවත්පත හා ගුවන්විදුලියට අමතරව රූපවාහිනිය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඉතා වේගයෙන් ජනතාව අතර ව්‍යාප්ත වී ඇති අතර, එමඟින් ජන ජීවිතය වෙත ප්‍රබල බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව, යම් පුවත්පත් වාර්තාවක් යම් විද්‍යුත් මාධ්‍යයක් මඟින් විකාශනය හා ප්‍රචාරය කිරීමෙන් පසු එම වාර්තාව සම්බන්ධව පුවත්පත් මණ්ඩලය මඟින් විභාගයක් පැවැත්වූ අවස්ථාවේදී, එම විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් තීරණය කරන ලද නිවැරදි කිරීම,එකඟතාව,නියෝගය ද මුල් වාර්තා විකාශය හා ප්‍රචාරය කරන ලද විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය හා ප්‍රචාරය කළ යුතු වීම සහ මුද්‍රිත පුවත්පත්වල,සඟරාවල විද්‍යුත් ප්‍රකාශනයන් හෝ මුද්‍රිත පුවත්පත් ස්වරූපයෙන් පළ කරනු ලබන විද්‍යුත් පුවත්පත් හෝ සඟරා ලියාපදිංචි කිරීම සහ ඒවා සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් විධිවිධාන ඇතුළත් කරමින් 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00