වෙඩි තැබීමකට අදාළව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට!

Close up of male hands in bracelets behind back

ඊයේ (21) රාත්‍රියේදී, සීදූව රාජපක්ෂ මාවතේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බව, පොලීසිය පැවසුවේය. එම වෙඩි තැබිමෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ පියෙකු තුවාල ලැබූ අතර, ඔහු යුද  හමුදා විශ්‍රාම නිලධාරියෙකි. ඔහු වෙළෙඳසැළක් අසළ සිටියදී  යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි