සටහන..අරුනඩෙල් විජේරත්න
වික්ටෝරියා වේල්ල එංගලන්ත රජයේ රුපියල් මිලියන 8400ක පරිත්‍යාගයක් ලෙස ඉදි කර ඇති නමුත්, සමාජ මධ්‍ය ජාලා ලිපි මගින් වික්ටෝරියා වේල්ල ජේ.ආර්. ජයවර්ධන මහතා එංගලන්ත මහ රැජිණ රවටා ඉදි කරවා ගත් බවට සදහන් කර ඇති අතර මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික කටයුත්ක දී එවැනි වංචනික ක්‍රියා කිරිමට කිසිදු අවකාශයක් නොමැති බව වගකිමෙන් දන්වා සිටින්නෙමු.
1980 වර්ශයේ දි වේල්ලේ වැඩ ආරම්භ කරනු ලබන අතර 1984 අප්‍රේල් 07 වේල්ලේ ජලය පිරවීම අරමිභ කර එම වර්ශයේ දී වේල්ලේ වැඩ කටයුතු අවසන් ව 1985 වර්ශයේ දී වික්ටෝරියා වේල්ලේ නිල අයිතිය ශ්‍රි ලංකා රජයට භාර දී ඇත.
වික්ටෝරියා වේල්ල සැදිමේ ප්‍රධාන අරමුණු වන්නේ,
කෘෂි කර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.
ජල විදුලිය නිශ්පාදන කිරීමට.
වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටින අයගේ ජල පරිභෝජනයට.
මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට.
ගං වතුර පාලනය කිරීමට.
ව්‍යාපෘති උපදේශකවරුන්
 Alexander Gibb & CECB
කොන්ත්‍රාත්කරුවන්
 Balfour Beatty Nattall. UK
 Boving. UK
 Balfour Klipatric. UK
වේල්ලේ විස්තර කෙටියෙන්….
වේල්ලෙ උස මීටර් 122
දිග මීටර් 524
වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.
උපරිම ජල මට්ටම – 438msl.
මේහි සම්පූර්ණව ගබඩා කල හැකි ජල ප්‍රමාණය 722 MCM
උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග
කිලෝමීටර් 23.7 කි.
ප්‍රදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යනවා.
වික්ටෝරියා වේල්ලේ ස්වංක්‍රියව ක්‍රියා කරනු ලබන අරීය වාන් දොරටු 08ක් සහ වේල්ලේ පතුලේ එකතු වන රොන් මඩ සහ ජලය පිට කිරිම සදහා ස්වයංක්‍රිය පාලනය කර නොහැකි වාන් දොරටු සහිත මඩ සොරව් 02කින් යුක්ත වේ.
මෙම වේල්ලේ අභ්‍යන්තරයේ ගමන් කල හැකි නිරීක්ෂණ ගැලරි 07 ඇත. අද වන විට මෙම සැම ගැලරියකම වේල්ලේ හැසිරිම නිරීක්ෂණය කිරිමට නවීන උපාංග රාශියක් ස්ථානගත කර ඇත.
වේල්ල අභ්‍යන්තරයේ මිනිසුන් 50,000 කට පමණ රැදි සිටිය හැකි බවට සමාජ මාධ්‍ය ලිපි වල පල කර ඇති අතර එය සම්පුර්ණ අසත්‍යක් බවත් මිනිස්සුන් වේල්ල අභ්‍යන්තරය නැරඹිම ද ඉතා අවධානම් බවත්, එය රාජකාරි කටයුතු සදහා ද මහත් බාධාවක් බව දන්වා සිටින්නෙමු.
“මෙම වේල්ලට සැදිමට යකඩ කම්බ් දශමයක් වත් යොදා ගෙන නැත.”මෙම කතාව අසත්‍යක් බවත් මෙම වේල්ලේ වාන් දොරටු පිහිටා ඇති ප්‍රදේශයේ ශක්තිමත් බව සදහා යකඩ කමිබි භාවිතා කර ඇති බවත් අවධාරණය කරන්නෙමු.
එසේම ජලය පිරෙන විට වේල්ල ඉස්සරහට සහ පිටුපසට චලනයක් සිදු වෙන අතර එම ප්‍රමාණය පියවි ඇසට නොපෙනෙන තරම් ප්රමාණයකි.
ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවයි.ලංකාවේ ලොකුම ජලවිදුලි බලාගාරය මෙයයි.
වික්ටෝරියා වේල්ලෙන් පිටවන ජලය හා වික්ටෝරියා විදුලි බලාගාරයෙන් පිටවන ජලය රන්දෙණිගල ජලාශයට එකතු වේ.
වේල්ලේ ඇති ස්වංක්රිය සොරොව් 8 පළමු අදියර ලෙස 0.7m විවෘත වන අතර ජලය 78 ( m^3s-1) ලෙස ජලය එලියට පිට වේ.
.
වාන් දොරටු සියල්ලම වරකට පිටවිය හැකි උපරිම ප්‍රමාණය 5000ms-1 කි.
මේ වන විට වසර 35ක කාලයක් ශ්‍රි ලංකාවේ ජල විදුලි කර්මාන්තයට සහ රටේ ආර්ථිකයට මහඟු මෙහෙවරක් ඉටු කරමින් දකුණූ ආසියාවේ මෙවන් එකම සහ උසම වේල්ල ලෙස ඉතිහාසයට එකතු වෙනවා.






















 
															 
															 
														