ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය රතන හිමි රිමාන්ඩ්

රතන හිමි රිමාන්ඩ්

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

රතන හිමියන්ට එල්ල වූ චෝදනාව වූයේ 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමය. 

2020 වසරේ මහමැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටී.

උන්වහන්සේට එල්ල වූ චෝදනාව වූයේ බලපෑම් කොට එම මන්ත්‍රි ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමය. 

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනය ද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 18 වෙනිදා වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව දින කිහිපයක් අධිකරණය මඟහරිමින් සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00