ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කැස්බෑව ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය මහතා හෙද නිලධාරීන් කලක පටන් මුහුණ දෙන සුවිශේෂී ගැටළුවක් පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව චක්‍ර ලේඛයක් නිකුත් කරමින් කිසිම පුද්ගලයෙක් සමග සාකච්ඡා නොකර මේ වන විට හෙද නිලධාරියෙන් වසර පහක් විදෙස්ගතවීමට ලබා දුන් නිවාඩු අවලංගු කර ඇත.

ඒ අනුව හෙද හෙදියෝ කලකිරීමෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේම නිවාඩු අවලංගු කර ඇති බව සහ වෘත්තීය සේවකයන් ලෙස ඔවුන් ඒ පිළිබඳ නොදන්නා බවයි

ඒ වගේම දේශීය නිවාඩුත් අවලංගු කර ඇති බව පවසන ඔහු ආර්ථික අර්බුදය පවතින කාලසීමාවේදී වසර පහක නිවාඩුවක් ලබාදී විදෙස්ගත වීමට අවස්ථාව සලසා දුන් අතර එවැනිම වසර පහක දේශීය නිවාඩුවක් ලබා දුන් බවත් සඳහන් කළේය.

නමුත් කිසිදු හේතු සාධකයක් නොමැතිව කිසිවෙක් සමඟ සාකච්ඡා නොකොට මෙය අවලංගු කිරීම සාධාරණ නොමැති බව සඳහන් කරයි. අවසානයේදී ඔහු ප්‍රකාශ කළේ චක්‍ර ලේඛනය අවලංගු කර අදාළ නිවාඩු පෙර පරිදිම ලබා දෙන ලෙසයි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00