ceylonlknews.com

Ceylon Lk News

Home Politics මුහුණට මුහුණ ගැටුණු බස් අනතුරින් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට

මුහුණට මුහුණ ගැටුණු බස් අනතුරින් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට

by
0 comments

UPDATE – මාතර ගන්දර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.

අනතුරින් විදෙස් ජාතිකයෙක් සහ කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුර සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අනතුරින් පසු අවහිර වූ මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කළ බවද ඔහු පැවසීය.

වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවේදී මෙම බස් රථ දෙක අධික වේගයෙන් ගමන් කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

————————————————————–

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්.

තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00