ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය මියගිය වනඅලි සිව්දෙනා සම්බන්ධව නිවේදනයක්

මියගිය වනඅලි සිව්දෙනා සම්බන්ධව නිවේදනයක්

by CeylonLk
0 comments

සටහන…….අරුනඩෙල් විජේරත්න

මියගොස් සිටි වනඅලි සිව්දෙනා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ මෙවැනි වනඅලි ඇතුන් බහුලව ගැවසෙන රක්ෂිත ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින් සන්තකයේ නීති විරෝධී ගිනිඅවි ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් දියත් කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම කඩිනමින් සිදුකිරීමට සැලසුම්කර කර ඇති බවය.

එම කාර්යයන් සඳහා ප්‍රාදේශීය පොලිස් නිළධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනවල සඳහන් වේ.

සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මුරුංගාහිටිකන්ද වන සංරක්ෂණ රක්ෂිතය ආශ්‍රිතව මීට වසරකට පමණ ආසන්න කාල සිමාවක් තුල මියගොස් ඇති වන අලි තිදෙනෙකු හා ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ ආසන්න දිනක මියගොස් ඇති ඇතෙකු සම්බන්ධව කරුණු වාර්තා වී තිබුණි.

සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වල් අලින් අතරින් එක් අලියකු 2025.02.03 වන දින වනජීවී නිළධාරින් වෙත පළමුවරට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහෙස්ත්‍රාක් අධිකරණයේ A/873/25 නඩුවක් ගොණුකර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

සෙසු වනඅලින් දෙදෙනා ඉහත රක්ෂිකය තුළම මියගොස් ඇති බවට වාර්තාවන අතර ඉන් එක් සතෙකු ඇතෙකු බව සඳහන් වේ.

එම ඇතාගේ දළ යුගල කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇති බවට වාර්තා වී ඇති බව නිවේදනයේ දැක්වේ.

මෙම අලින් දෙදෙනා වනජීවී නිළධාරින් විසින් 2025,07.22 වන දින පළමුවරට නිරීක්ෂණය කර ඇත. 

ගල්ගමුව ප්‍රදේශයේ මියගිය වනඅලියා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්ලිමේන්තුව විසින් ගල්ගමුව මහෙස්ත්‍රා අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

මෙම වනඅලින් මියගිය ස්ථාන GPS කණ්ඩාංක පහතින් දක්වා ඇති අතර මෙම ස්ථාන සීගිරිය සහ ගනේවල්පොල හා ගල්ගමුව පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව මාතලේ අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත්වන බවත් නිරීක්ෂණය වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කල නිවේදනයේ දැක්වේ.

මුරුංගාහිටිකන්ද වන සංරක්ෂණ රක්ෂිකය

  • වන අලියා 01  – E 191288 N 305031
  • වල් අලියා 02  -E 189758 N 304283
  • ඇතා              – E 188612_N 304368

ගමුව ඇහැටුවැව ප්‍රදේශය

  • ඇතා              -E :158014 N 308813

මෙම අපරාධ ස්ථානයන්හි ආරක්ෂාව සඳහා කලාපීය ව්‍යාජීවී නිළධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙම වනඅලින්ගේ මරණ සම්බන්ධව අවශ්‍ය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුවේ SOCO විමර්ශන කණ්ඩායම් සහාය කඩිනමින් ලබාදෙන ලෙසද ඉල්ලීමක් සිදුකර ඇත.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00