ceylonlknews.com

Ceylon Lk News

Home Politics මාරක රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට

මාරක රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට

by
0 comments

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (18) දිනයේදී මෙම අනතුරු සිදුව තිබේ.

මහව පොලිස් වසමේ නිකවැරටිය සියඹලන්ගමුව මාර්ගයේ තලාකොළවැව බස්නැවතුම්පල ආසන්නයේදී මහව දෙස සිට නිකවැරටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් කාර්මික දෝෂයකට ලක්ව මාර්ගයේ වම්පස නවතා තිබූ ලොරි රථය ගැටී තිබේ.

අනතුරින් යතුරු පැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 22ක් සහ 31ක් වූ ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය වන බවද පොලීසිය පැවසීය.

මේ අතර ඊයේ සවස් කාලයේදී මින්නේරිය පොලිස් වසමේ හබරණ පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය යුධ හමුදා කඳවුර ආසන්නයේදී සිදුවූ අනතුරකික් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හබරණ දෙස සිට මින්නේරිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුධ හමුදා කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වූ දියබෙදුම ප්‍රදේශයේ පදිංචි මින්නරෙිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00