ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

by CeylonLk
0 comments

සටහන..ඩබ්ලිව් ජයසිංහ

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ලහිරු” යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

පොලිස් කොට්ඨාසය විමර්ශන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති අතර සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

මහෙස්ත්‍රාත්වරයා කරුණු විමසා බැලීමෙන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කර ඇත.  

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00