පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම” නැවත සලකා බලන ලෙස ඉල්ලීමක්

 

මෙරට ග්‍රාමීය ජනතාව අතර පමණක් නොව නාගරික අඩු අදායම්ලාභීන් අතර පවා පොල්තෙල් යනාදි ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණවලින් මිස ඉහළ ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් ශක්තියක් නැති බව  ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය’ සඳහන් පෙන්වා දෙයි.

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීම සඳහා රජය ගෙන එන්නට බලාපාරොත්තුව නීතිය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් එම ව්‍යාපාරය විසින් මේ බව සඳහන් කරන ලදී.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව පොල්තෙල් සිල්ලරට විකිණීමට නොහැකි වන අන්දමට නීතියක් ගෙන ඒමට රජය සුදානම් වන්නේ නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජන ජීවිතයේ සරල සංස්කෘතික ජීවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි