ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම” නැවත සලකා බලන ලෙස ඉල්ලීමක්

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම” නැවත සලකා බලන ලෙස ඉල්ලීමක්

by CeylonLk
0 comments

 

මෙරට ග්‍රාමීය ජනතාව අතර පමණක් නොව නාගරික අඩු අදායම්ලාභීන් අතර පවා පොල්තෙල් යනාදි ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණවලින් මිස ඉහළ ප්‍රමාණයක් මිලදී ගැනීමට තරම් ශක්තියක් නැති බව  ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය’ සඳහන් පෙන්වා දෙයි.

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීම සඳහා රජය ගෙන එන්නට බලාපාරොත්තුව නීතිය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් එම ව්‍යාපාරය විසින් මේ බව සඳහන් කරන ලදී.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව පොල්තෙල් සිල්ලරට විකිණීමට නොහැකි වන අන්දමට නීතියක් ගෙන ඒමට රජය සුදානම් වන්නේ නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ජන ජීවිතයේ සරල සංස්කෘතික ජීවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00