ceylonlknews.com

Ceylon Lk News

Home දේශීය/විදේශීය “තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි”

“තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි”

by CeylonLk
0 comments

සටහන..අරුනඩෙල් විජේරත්න

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවය.

කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද පැවසීය.

ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මාස 8 – 10ක් වැනි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවත්, අපනයන ආදායම ඉහළ ගොස් දේශීය ආදායම වැඩි වී ඇති බවත්, උද්ධමනය පාලනය වී, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසීය.

සුබ සාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත් පැවසු අමාත්‍යවරයා, සෑමවිටම වින්දිතයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

You may also like

Leave a Comment

Top News

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2024 – All Right Reserved. Designed and Developed by Mezota Pvt Ltd

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00