සටහන..අරුනඩෙල් විජේරත්න
එකල මෙය ඔබ අයිති ප්රදේශයේ ගමි සභාවෙන් නිකුත් කල අතර අය කල මුදල රුපියලක් වී ඇත.(පසුව වෙනස් වන්නට ඇති)
එදා ඒ රුපියල අද නම් රුපියල් සීයයකට එහා වගේ වනවා .එදා රුපියලෙන් ශත පහට ගන්න හැකි දේවල් කොච්චර ගත හැකිවී තිබුණ ද….
මේ ලයිසන් නිකුතුව ඉස්සර පළාත් පාලන ආයතනවල ආදායම් ප්රභවයක් වී තිබුණා .
පාපැදිය සඳහා මෙම බලපත්රය නොගතහොත් පොලීසිය මගින් පරීක්ෂා කර නඩු පැවරීමට කටයුතු කළ අවස්ථාද තිබී ඇත.
එදා රේඩියෝ, ටීවී,කරත්ත පවා ලයිසන් කලා ..කරත්ත සහ පාපැදි තහඩුවක් ලෙස සහ ටීවී රේඩියෝ කාර්ඩි එකක දත්ත ලෙස .
ඔය තහඩු කහපාට ,කොළපාට, රතු පාට ආවා මටත් හොඳට මතකයි .
ඒවා ගම්සභා බල ප්රදේශය අනුව වෙනස් උනාලු ..
පොඩි දවස්වල මමත් තාත්ත ගේ පාපැදියේ ඕක සවි කලා .
බයිසිකලේ නමි අනිවාර්යයෙන්ම ප්රදර්ශනය කල යුතුය .ඒ සඳහා තහඩුවේ වම් උඩ කෙළවරේ පුංචි සිදුරක් තිබූණා .
ගොඩක්ම ඕක ගැහුවේ ඉස්සරහ බිරෙක් පලු දෙකෙන් එකක ඇණයක ට තියල.
බලන්න ඔය ඡායාරූපයේ.
ඒ විස්තර කොටා ඇති ආකාරය .
ඒ වෙනත් හැදින්වීමක් උදා…ලෙස පහත දක්වා ඇත .![]()
බයිසිකල් – ද.නු.කෝ.බ.
බර කරත්ත – ද.නු.කෝ.බ.ක.
බර බාග – ද.නු.කෝ.බ.බා.


දකුණු නුවරගම් කෝරලේ
ඔය විදියට තමා තිබීල තියෙන්නේ .
අපිට නිකුත් කලේ ආඩිඅමිබලම ගම්සභා
කාර්යාලයෙන්
ආ.ග.බ…(ආඩිඅමිබල ගම්සභාව බයිසිකල් )
චන්ද්රිකා මැතිණිය ගේ අයවැයෙන්1996 දී මේ ලයිසන් ක්රමය ඉවත් කරාලු .
ප.ලි
යන්තමට දන්නා අතීතයක ඉතාමත්ම ප්රායෝගික නොවු මේ කතාවේ ඔබ දන්නා තොරතුරු එකතු කරන්න.
තහඩු වල ඡායාරූප මුහුණු පොතෙනි.